උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නීතිය සහ රජයේ ඇදිරිනීතිය

රට තුල පැතිරී යන වියසනකාරි වෛරසයෙන් මහජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මුළුමහත් රජයක් දිවා රැ නොබලා වැඩකරන මොහොතක වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුදුම සහගත තිරණය හමුවේ දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුලක් අන්ත අසරන තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙනවා.

කොරෝනා වෛරසය නිසා රට පුරා ඇදිරිනීතිය ක්‍රියාත්මක වන මොහොතක දෙපිරිසක් සමග ඇති වී ඇති ප්‍රශ්නය සමතයකට පත් කොට මානුෂිය විසදුමක් ලබා දෙනවා වෙනුවට, ඇදිරිනීතියත් වසංගතයත් ඇති ඉතා අවදානම් මොහොතක පවුලක් නිවසකින් නෙරපා දැමීමට වේයංගොඩ ස්ථානාධිපතිවරයාට ඇති බලය ගැන කතාකිරීම කෙසේවෙතත් ඔහුට ඇති හදවත ගැන මුළුමහත් රටටම නිරාවරණය කළ යුතුය.

ගෙවල් හිමිකරුවන්ද මේ මොහොතේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය සහ අහිංසක දරුපැටවු ගැන සානුකම්පිතව සිතා බලා කටයුතු කරන්නට හැකියාවක් තිබුනේනම් මනුස්සකම ඉස්මතුකරගතහැකිව තිබුණි

වැරදිකාර පාර්ශවය කොයිකවුරුන් වුවද පැමිණිල්ල බාරගෙන මෙම දරුපවුලට මේ වෛරසය නිමවනතුරු හෝ අවදානම පහවනතුරු හෝ අඩුම ඇදිරි නීතිය ඉවත් කරන තුරු හෝ යම් මානුෂිය සහනයක් ලබා දුන්නානම් එය ඉතා අගනේය..

මීට ඉහතිදීද වේයන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරුද්ධව පවුලක් මහ මඟ හරස් කොට නිදාගැනීම සහ පාලමෙන් පැන දිවිනාසා ගැනිමට තැත් කළ පුවතක් මාධයට වාර්තා වුනා.

රටේම පොලිස් ස්ථානාධිපතිවරුන් නිලධාරීන් ඇතුළු සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම මහජන තාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරද්දී  වේයන්ගොඩ ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ගැන පුදුම සහගතය.

මෙවැනි මොහොතක මානව හිමිකම් ක්‍රීයාකාරීන් ගේ මැදිහත්වීම, මිනිසුන්ගේ මානව අයිතින් සුරැකීම ඉතාමත් අගය කළයුතු කාරනාවකි.
බලධාරින් මෙවැනි පොලිස් නිලධාරීන් පිළිබදව නිතිය ක්‍රියාත්මක කළ යුතු නොවේද?

 

විඩියෝව යුටියුබ් සමාජජාලයෙන් උපුටාගන්නා ලදි.

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.