උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

ගසක පැල උඩ සිටි, වයස අවුරුදු 10 දැරියක් අකුණු සැර වැදි මරුට..

ජයලත් දිසානායක – බදුල්ල

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොස්ලන්ද “ඕක්ෆීල්ඞ්” වත්ත ඌව මහවෙලගම පදිංචි වයස අවුරුදු 10ක දැරිවියක් අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි කොස්ලන්ද පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මෝහන්රාජ් රුක්ෂි නැමැති දැරිවියකි. දැරිවිය තම මව සහ සහෝදරයින් දෙදෙනෙකු සහ අසල්වාසියෙකු සමගින් තමන්ට අයත් හේනක්තුල සිටින අවස්ථාවේ හටගත් වර්ෂාවත් සමග ඇතිවූ අකුණුසැරයක් වැදීමෙන් තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කලද ඇය මියගොස් තිබේ.
රුක්ෂි දැරිය මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්වීමට නියමිතව ඇති අතර ඇය ඉගෙනීමටද අති දක්ෂ බව ඇගේ වැඩිමහල් සහෝදරිය පැවසීය. රුක්ෂි දැරියගේ පියා මීට වසර අටකට පමණ පෙරදී රෝගාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.. රුක්ෂි දැරිය දරුවන් පස් දෙනෙකුගෙන් සමන්විත පවුලේ බාල දරුවායි.
රුක්ෂි දැරියගේ නිවස පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර් 04කට ආසන්න දුරකින් අති දුෂ්කර කැලෑබද ස්ථානයක මෙම හේන් ගොවිපල පිහිටා තිබේ.

 

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.