උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

බදුල්ල මහ නගර සභාවේ නොසැලකිල්ල.

ජයලත් දිසානායක – බදුල්ල

නිවාඩු ගොස් සිටින හමුදා නිළධාරීන්ට නැවත සේවයට වාර්ථා කරන ලෙස රජය දැනුම්දීමත් සමග ඊයේ (27) බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පලටද හමුදා නිළධාරීන් පැමිණ සිටියහ.
ප්‍රමාණවත් තරම් බස් රථ නොමැතිවීම හේතුවෙන් හමුදා නිළධාරීන්ට විශාල කාල වේලාවක් බස් නැවතුම්පලේ රැඳී සිටීමට සිදුව තිබූ නමුත් ලංගමට අයත් බස් රථ කිහිපයක්ද යොදාගෙන එම නිළධාරීන්ගේ ගමන් පහසුව සැකසීමට බළධාරීන් කටයුතු කරනු දක්නට ලැබුණා. නමුත් බස් නැවතුම්පලේ ඇති බදුල්ල මහ නගර සභාවෙන් පාලනය වන වැසිකිළි පද්ධතිය වසා දමා තිබීම හේතුවෙන් හමුදා නිළධාරීන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටින අයුරු දක්නට ලැබුණා. නගර සභාවෙන් වැසිකිලිය ටෙන්ඩර් ලබාදී ඇති අතර ඇඳිරි නීති තත්වය හේතුවෙන් ටෙන්ඩර් කරු විසින් වැසිකිළිය වසා දමා ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
කෙසේ වෙතත් රට වෙනුවෙන් දිවි හිමියෙන් කැපව සේවය කරන්නාවූ හමුදා නිළධාරීන් වෙනුවෙන් හෝ සිතා මෙම වැසිකිළි පද්ධතිය විවෘත කර දීමට තරම්වත් බදුල්ල මහ නගර සභාව කටයුතු කර නොතිබීම කණගාටුවට කරුණක් නොවන්නේද ?

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.