උණුසුම් පුවත්
බාබර් සැලුන් සහ රුපලාවන්‍යගාර සඳහා මාර්ගෝපදේශයක් නිකුත් කරයි..ලබන සතියේ සිට සියලු පෞද්ගලික ආයතන වැඩ කිරීමට එකඟ වෙයි..දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම මැයි 11 වැනිදා ඇරඹෙයි..ඇඳිරි නීතිය පිළිබද නවතම දැනුම්දීම..නාවික හමුදාව නිකුත් කර ඇති විශේෂ නිවේදනය..දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු කෙරේකොරෝනා වෛරසය ආසාදිත මුළු රෝගින් සංඛ්‍යාව 188 වෙයි.කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් සිදු වූ 06 වන කොරෝනා ආසාදිත මරණය වාර්තා වේ…නවතම ඇඳිරි නීති නිවේදනය..සුපිරි වෙළද සැල් හිමියන්ට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ආරාධනාවක්

පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානමක්..

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වී ඇති බවත් ඉදිරි පැය 12 තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් දකුණ, බස්නාහිර, සබරගමුව සහ සහ මධ්‍යම පළාත්වල බස්නාහිර, සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී.150ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

 

මෙම නිවේදනයේ සදහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

ගල්ගමුව, නවගත්තේගම, ආනමඩුව, කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මී ඔය ගංගාධාරයට අයත් පහත් බිම් ජලයෙන් යටවිය හැකි බවත්, මහව නිකවැරටිය, වාරියපොළ, කොබෙයිගනේ, රස්නායකපුර, බිංගිරිය, පල්ලම, ආරච්චිකට්ටුව සහ හලාවත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල දැදුරු ඔය ගංගාධාරයට අයත් පහත් බිම් ප්‍රදේශ ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවත් නිවේදනය කර ඇත.

එසේම අත්තනගලු ඔය ගංගා ධාරයේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, ගම්පහ, ජාඇල, මහර, කටාන, මිනුවන්ගොඩ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ වලට ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සදහන් වේ.

කැළණි ගංගා ද්‍රෝණිය සළකා බලනවිට රැවන්වැල්ල, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, හෝමාගම, කොලොන්නාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංගා ද්‍රෝණියේ පිහිටි පහත් බිම ජලයෙන් යටවිය හැකි බවත් පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, ඇළපාත, කිරිඇල්ල, අබේගම, ඇහැළියගොඩ, ඉංගිරිය, හොරණ, කළවාන, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය, කලුතර, මදුරාවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම් ප්‍රදේශ ගංවතුර ඇති විය හැකි බව මෙම නිවේදනයේ සදහාන් කර ඇත.

මීට අමතරව බෙන්තර ගග ආශ්‍රිතව වලල්ලාවිට, බෙන්තර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ ගංග ආශ්‍රිතව නෙලුව, තවලම, නාගොඩ, ඇල්පිටිය, නියාගම, බද්දේගම, වැලිපිටිය, දිවිතුර, බොපේ, පෝද්දල සහ ගාල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංගාධාර පහත් බිමි ප්‍රදේශ සහ නිලවලා ගංගා ද්‍රෝණියට අදාලව කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ,කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් පහත් බිම් ප්‍රදේශ සහ කිරම ඔය වලස්මුල්ල,බෙලිඅත්ත, තංගල්ල, උරුබොකු ඔය යන ගංගා ධාරවල ගංවතුර තත්යක් ඇතිවිය හැකි බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

ගංවතුර අවදානම් නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති තද වැසි පිළිබදව අවවාධාත්මක නිවේදනය අනුව සකස් කර ඇති බවත් එම නිවේදනය තුළ සදහන් කර ඇති යම් ආකාරයකින් එවැනි වර්ෂාව මෙම ගංගා ධාර ප්‍රදේශයට ලැබේ නම් ඇතිවිය හැකි ගංවතුර අවදානමට පෙරසුදානම් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී,

විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඔබ ජීවත්වන නිවස ගංවතුර අවධානයට ලක්වන තෙක් නොසිට සුරක්ෂිත මධ්‍යස්ථාන කරා යාම ඉතා වැදගත් වේ. එසේම පාසැල් සිසුන්ගේ පොත් පත් ලිපි ද්‍රව්‍ය ගංවරතුරෙන් සුරක්ෂිත කර ගැනීමට කටයුතු කිරීමත් පවතින තත්වය හමුවේ ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී

post add media course 01

Comments are closed, but trackbacks and pingbacks are open.